Monday, December 2, 2013

පලංචියේ


පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද
හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට

දොඩමළු කතා නෑ අද වාඩිය හෙවණේ
නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුණේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට


ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට////

ගායනය - සුනිල් එදිරිසිංහ සමග එඩ්වඩ් ජයකොඩි
පද - වසන්ත කුමාර කොබවක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් (1984) දොරට වැඩි ගීයකි. එය 1989 දී නිම් තෙරක් කැසට් පටයටත් 2005 දී සුනිල් ගී 22 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: