Monday, December 2, 2013

සිල්ප සොඳින්


සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ

සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - වසන්ත කුමාර කොබවක
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මේ ගීය, 1984 දී "පිනිබර යාමේ" කැසට් පටයට ඇතුළත් වුණා. 1998 දී එය "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටිය හා කැසට් පටයටත්, නැවත 2001 වසරේදී " නෑසෙන ගී රස 1" සංයුක්ත තැටිය හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: