Wednesday, February 22, 2017

බුදු සිරිපාදේ

ඕ... සෑසී ලෝනාගේ
සම්බුදු සිරිපාදේ
දිළෙනාවූ බුදු රශ්මි විහිදමිනේ
බුදු සිරිපාදේ බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු සමනලයේ
බුදු සිරිපාදේ බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු සමනලයේ

සමන් දෙවිඳු කරුණාවෙන් සිරිපා පියුම්
සුගත් සෑසි ලෝනා වඳීමු බැතින් ...//

නඟා දෝත සෑමා තියා මල් පුදා
යමු සිරිපාදේ වඳිනා ලෙසින් යාමු
බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු බැතියේනී
බුදු සිරිපාදේ බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු සමනලයේ

කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි ...//

සුර බඹ කැළ නිති පුද ලබනා
සිරිපද ඉඳුනිල සේ දිළෙනා

කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි

දුක දුරු කර දෙවි පිහිට ලබා
වඳිමු පුදමු සිරිපද දිළෙනා

පූජාති පූජනීය සම්බුදු සිරිපා
වඳිමු පතමු නිවනෙහි සැපතා

කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි ...//

ගායනය - ධර්මදාස වල්පොල සහ ජී.එස්.බී. රාණි පෙරේරා
පද - ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීතය - ටී. ආර්. පාපා
1955 දී තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.

1953 දී තිරගතවූ  "Rahi" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "O Jaanewaale Raahi" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

No comments: