Sunday, February 26, 2017

උදය නැගිට

උදය නැගිට මුව සෝදාලා 
තේ පැන් බී පාසැල් ආවා
කෙසෙල් කන් ද ආප්පත් කාලා මමත් හනික ආවා
පානුයි සම්බෝලයි කාලා ඔන්න මමත් ආවා

හීල් බතුයි පොල් සම්බෝලයි උදේට මම කෑවේ

කන්න දෙයක් නෑ බඩ ගින්නේ මම හෙමින් හෙමින් ආවා //

අන්න හොඳයි නුඹලා සෑම දෙනා ඉගෙන ගන්ට ආවා
හොඳ ලෙස පාඩම් දෙන ළමයට මම බෝනික්කෙක් දෙනවා
උඹ කියපං දැන් සංගීත පාඩම
සරිගම පධනිස සනිධප
සනිධප මගරිස සරිගම පධනිස
ගණන් ඉලක්කම් උඹ කියපන් දැන්
වන් ටූ ත්‍රී ‍ෆෝ ෆයිව් සික්ස් සෙවන්
පළවෙනි පාඩම උඹ කියපන් දැන්
ඒ බී සී ඩී ඊ එෆ් ජී
එච් අයි ජේ කේ එල් එම් එන්
ඉතිරි හරිය දැන් උඹ කියපන්
ඕ පී කියු ආර් එස් ටී යූ වී ඩබ්ලිව් එක්ස් වයි ඉසෙඩ්

අන්න හොඳයි නුඹලාගේ පාඩම් බොහොම හොඳට දුන්නා
හුඟක්ම හොඳ මේ ළමයා පමණයි බෝනික්කෙක් දෙනවා
උදය නැගිට මුව සෝදාලා තේ පැන් බී පාසැල් ආවා

ගායනය - එඩී ජයමාන්න, බර්ට්‍රම් ප්‍රනාන්දු, ජෙමිනි කාන්තා සහ පිරිස
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.

No comments: