Sunday, February 26, 2017

සුපිනගෙ රූපේ

සුපිනගෙ රූපේ අම්මපා ගින්දර වාගේ
සුපිනගෙ රූපේ ඇවිළෙන ගින්දර වාගේ

තව සැරයක් ගණ්ඩ හිතයි පරණ විභාගේ //

අඟර දඟර කොමළ ගමන මට සිහි වෙනවා

හ් ...ං

අඟර දඟර
හහ් හහ්හහ්හ් හ් හා ... හහ් හහ්හහ්හ් හ් හා ... හහ් හහ්හහ්හ්

අඟර දඟර කොමළ ගමන මට සිහි වෙනවා
රෑ තිස්සේ නින්ද නැතිව මකුණො මරණවා //

සුපිනා උඹෙ ගැනම හිතල පපුවත් මගෙ ගුල්ලො විදල //

රොමියෝ මගෙ ආල මල්ල ජුලියට් උඹ සුපිනා කෙල්ල //
දේව දූති වේ

දේව දූති වේ
සුපිනගෙ රූපේ ඇවිළෙන ගින්දර වාගේ

ගායනය - එඩී ජයමාන්න
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.

No comments: