Wednesday, March 11, 2015

අයියල සහ අක්කලා

අයියල සහ අක්කලා
නංගි මල්ලි එක්වෙලා
කියන්න මේ පොඩි කතාව
එන්නකො මෙහි රොක්වෙලා
එන්නකො මෙහි රොක්වෙලා

අම්මලා පුංචම්මලා
මාමලා සහ නැන්දලා
අප්ප කුඩප්පලා ඔක්කොම
අහගන්නකො ළංවෙලා
අහගන්නකො ළංවෙලා

ගති ගුණ රැකි ආරිය
සුමනා හැඩ කාරිය
දිසා තරුණයා හිතුවා
කරගන්නට භාරිය
කරගන්නට භාරිය

යුතුකම ගරු කරණවා
හයි හත්තිය තියෙනවා
දඩයම් කර සතුන් මරා
දිසා කාලෙ ගෙවනවා
දිසා කාලෙ ගෙවනවා

දඩයමටයි කෑදරේ
කැලේට සිත යා කෙරේ
සුමනා අවවාද දිදී
පෙන්වයි තම ආදරේ
පෙන්වයි තම ආදරේ

පවටම ඇයි හිත ගටා
හේනක් කුඹුරක් කොටා
ඉන්නකො යැයි ඇය කී වග
පවසමි රවුමක් නටා
පවසමි රවුමක් නටා

මගෙ පොඩි සුමනෝ දයා
දුක් වන්නේ ඇයි ඔයා
හොඳ මිනිහෙක් වෙන්නම් මම
කසාද බැඳගෙන ඔයා
කසාද බැඳගෙන ඔයා

කේන්දරෙත් පෑහුනා
පොරොන්දම් ද සීහුනා
ලනුවයි කණුවයි වාගේ
තරිකිට දම් දානෙනා
තරිකිට දම් දානෙනා

ගඟකට දැම්මත් මරා
මා ජීවත් වෙන තුරා
නංගි ඌට නෑ දෙන්නේ
කීවලු ඇගෙ සෝයුරා
කීවලු ඇගෙ සෝයුරා

කවුරුත් එකමුතු වෙලා
මේ ගැන කතිකා කළා
කේන්දරය නොගැලපෙතැයි
දිසාව කෙරුවලු මුළා
දිසාව කෙරුවලු මුළා

දුන් ඒ පිළිතුර අසා
කෝපෙන් වියරුව ඉතා
දැනගත්තලු ගුරා හොයා
උන් පැවසුව බස මුසා
උන් පැවසුව බස මුසා

ආවා සුමනව සොයා
අයියත් එතැනට ගියා
තක්කිට තරිකිට තකදොං
අලි ගුටි කෙළියක් ගියා
අලි ගුටි කෙළියක් ගියා

ඇගේ අයිය ගිනි සැරේ
දිසාට පහරක් වැරේ
දුන්නලු රුන්දත් තරිකිට
දෙන්නා එකට ගුටි පොරේ
දෙන්නා එකට ගුටි පොරේ

සුමනට සිහි නෑ බොලේ
අප්පච්චිත් ලේ විලේ
වෙඩි උණ්ඩය වැදී අතට
අයියගෙ බිදුනා බලේ
අයියගෙ බිදුනා බලේ

එළි වෙන්නට පෙර හොරේ
සිහි නැති සුමනා කරේ
තියාගත්ත තිසා දුවපි
මහ වනයට එක සැරේ
මහ වනයට එක සැරේ

අබුද්දස්ස යෙදෙනවා
ලබුත් තිත්ත කෙරෙණවා
මේව අහල සුරල් ගහල
මට නටන්න හිතෙනවා
මට නටන්න හිතෙනවා

ගායනය - නාරද දිසාසේකර
පද රචනය - බිංගිරියේ සෙනරත් විජේකුමාර
විරිඳු නාද රටා මුසු සංගීත සංයෝජනය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
රෑන ගිරව් චිත්‍රපටියෙනි.


රෑන ගිරව් චිත්‍රපටය ජාතික රූපවාහිනියේ විකාශය වුණා. මේ ඉන් උකහා ගත් "අක්කල සහ අයියලා" ගීය.



No comments: