Monday, December 2, 2013

සොයා පිළිසරණක්


සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් දිවි කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ ...//
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්

සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ ...//
පහන් වැට සේ සොයා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්

සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා.  1982 දී  "සඳකඩපහණ" කැසට් පටයටත්, නැවත 2001 වසරේදී සින්ග්ලංකා "නෑසෙන ගී රස 1" සංයුක්ත තැටිය හා කැසට් පටයටත් මේ ගීය ඇතුළත් වුණා.

No comments: