කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ
සැඟවුණේ
කොතැනද ඒ නුවන් සැඟවුණේ
මසිත හොවා රුදුරු පාළුවේ
දුරක මැකී ගියද ඔබ මෙසේ
සිතින් ඔබේ ළඟයි මා සදා ජීවිතේ
තනි කළේ
කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ
සැඟවුණේ
කොතැනද ඒ නුවන් සැඟවුණේ
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
1977 දී සිය ප්‍රථම EP තැටියෙන් මෙම ගීය දොරට වැඩියා.
1981 දී "චන්ද්‍ර මඬල" කැසට් පටයට ඇතුළත් වුණා. නැවත 2001 වසරේදී "සින්ග්ලංකා" සමාගමේ "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයට ඇතුළත් වුණා.
No comments:
Post a Comment