කොටහක්
නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන්
අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල
ඉනි වැටට ඇයි අද ඇන කොටා ගෙන
පොඩි
උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ
හිත ගිහින් උඩු හුළඟට ගසාගෙන ...//
මහගෙයි
බිමට තනි උරුමය කියාගෙන
සතුරන්
වෙලා උනුනට දෙස් තියාගෙන
වෙරළු
ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක්
නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන්
අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල
ඉනි වැටට ඇයි අද ඇන කොටා ගෙන
තිරිසන්
උනෝතින් කිසි හව්හරණ නැති
ලන්දක
කකා ලන්දක කල් යල් හරිති ...//
එක
මිහි සයන කාටත් නිදි සුවය දෙති
බිම්
පංගුවට ලොල් වී මළගම් නොයති
වෙරළු
ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක්
නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන්
අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල
ඉනි වැටට ඇයි අද ඇන කොටා ගෙන
ගායනය
- සුනිල් එදිරිසිංහ
පද
- වසන්ත කුමාර කොබවක
තනුව
- ආචාර්ය වික්ටර් රත්නායක
ශ්‍රී
ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස”
කැසට් පටයටත් 2005 දී “සුනිල් ගී 22”
සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.
No comments:
Post a Comment