Sunday, January 15, 2017

පාර මාරු වෙන්නෙ ඇයිද

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම්
වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම් ...//

උදෑසනට ...
සුබ පතනා...
උදෑසනට සුබ පතනා
නුඹෙ සිනහ මනාවයි
යස ගමන් ලතාවයි
මං නුඹට මනාපයි
හංග හංග ඉන්නෙ නැතිව
ඒ වග මං කිව්ව හන්ද
උඹ අමනාපයි
උඹ අමනාපයි

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම්
වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්

හැන්දෑවට ...
කඩිමුඩියේ ...
හැන්දෑවට කඩිමුඩියේ
උඹ ගෙදර දුවඤ්ඤයි
මං පෙරුම් පුරඤ්ඤයි
මග බලා හිඳිඤ්ඤයි
පන්න පන්න යන්නෙ නැතිව
පාඩුවෙ මං ඉන්න හන්ද
උඹ දැන් කෝළයි
උඹ දැන් කෝළයි

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම්
වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම්
වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය
ගී පද - සිසිර දිසානායක
තනුව හා සංගීතය - ලයනල් රන්වල


පාර මාරු වෙන්නෙ ඇයිද ගීයේ වීඩියෝව - (මෙම වීඩියෝවේ පූර්ණ අයිතිය රන්වල පදනම සතුයි.)

No comments: