Thursday, January 19, 2017

කාසි බාගේ

කාසි බාගේ වස්තු වතුපිටි තිබුණු ඒ කාලේ
සිතූ පැතු දේ ලබා සැනසී සිනාසුණු කාලේ
ගෙවී ඉවරයි මගේ දිවියේ දැවෙයි ගිනි ජාලේ
කාසි බාගේ වස්තු වතුපිටි තිබුණු ඒ කාලේ

වසත් කල අය මුණගැසීලා අතට අත දීලා
මා පෙනීලා පලා යනවා
මා පෙනීලා පලා යනවා
දුර දි පිටුපාලා

කාසි බාගේ වස්තු වතුපිටි තිබුණු ඒ කාලේ
සිතූ පැතු දේ ලබා සැනසී සිනාසුණු කාලේ

මගේ නෑදෑ හිතවතුන් කෝ ඇයි වෙනස් වීලා
ඒ සිනාවූ අය බලන්නේ
ඒ සිනාවූ අය බලන්නේ
දෑස ඔරවාලා

කාසි බාගේ වස්තු වතුපිටි තිබුණු ඒ කාලේ
සිතූ පැතු දේ ලබා සැනසී සිනාසුණු කාලේ

බිමින් පොළවයි උඩින් අහසයි බමණි මට ඇත්තේ
ජන සමාජේ
දිළිඳු වූ මේ
ජන සමාජේ දිළිඳු වූ මේ මටද ඉඩ නැත්තේ

කාසි බාගේ වස්තු වතුපිටි තිබුණු ඒ කාලේ
සිතූ පැතු දේ ලබා සැනසී සිනාසුණු කාලේ
ගෙවී ඉවරයි මගේ දිවියේ දැවෙයි ගිනි ජාලේ
කාසි බාගේ වස්තු වතුපිටි තිබුණු ඒ කාලේ

ගායනය - මොහොදීන් බෙග්
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - සරත් දසනායක
1979 දී ප්‍රථම වරට තිරගත වූ, “සමන්මලී චිත්‍රපටියේ ගීයකි.

No comments: