Thursday, January 19, 2017

මන්දහාසෙ

මන්දහාසෙ මන්දහාසෙ මන්දහාසෙනී
පුංචි හීන ලෝකෙ පාවෙනා ....//

පිහිනා නැළ‍වී
පිහිනා සැඟවේ
අනුරාගයක් සොයාලා

රැන්දූ
නයනේ
මල් හීන පෙම් චාරිකා
ලන්දූ
ඉන්නා
මේ ලෝකේ සන්තාප නෑ

පින්සාර කාලේ
පෙම් පාට මූණේ
දේදුන්නයි මල්හීයයි ජීවිතේ

මන්දහාසෙ මන්දහාසෙ මන්දහාසෙනී
පුංචි හීන ලෝකෙ පාවෙනා ....//

පිහිනා නැළ‍වී
පිහිනා සැඟවේ
අනුරාගයක් සොයාලා

රැන්දූ
පවනේ
පාවේවී මන් මත් වෙලා
රැන්දූ
මියැසී
ගී රාවේ දිය රැලි සලා

මල්හාවියන්ගේ
පිහිනුම් තටාකේ
ශෘංගාර නිංනාදේ පාවීලා

මන්දහාසෙ මන්දහාසෙ මන්දහාසෙනී
පුංචි හීන ලෝකෙ පාවෙනා ....//

පිහිනා නැළ‍වී
පිහිනා සැඟවේ
අනුරාගයක් සොයාලා ...//

ලලලා ... ලලලා ... ලලලා ... ලල ලා ...
ලලලා ලලා ලා ලලා ලා... ...///

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - සරත් දසනායක

1979 දී ප්‍රථම වරට තිරගත වූ, “සමන්මලී චිත්‍රපටියේ ගීයකි.

No comments: