Thursday, January 19, 2017

හදවත මාගේ තටු සලා

හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා

හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා

හදවත මාගේ තටු සලා

පෙර දින නුදුටුව ඔබෙ මුහුණේ
හසරැලි මල් කුමටද පිපුණේ
මගෙ හිත රන්දා
හමුවුණ හින්දා

පෙමින් වෙලී පෙමින් වෙලී
පෙමින් වෙලී පෙමින් වෙලී

හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා

හදවත මාගේ තටු සලා

චන්දන සිහිලස මට දැනුණා
අංජන නෙත් සඟලෙහි රැඳුණා
වරම කොහෙන්දෝ
ඔබ කවුරුන්දෝ

සමන්මලී සමන්මලී
සමන්මලී සමන්මලී

හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා

හදවත මාගේ තටු සලා

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
තනුව හා සංගීතය - සරත් දසනායක

1979 දී ප්‍රථම වරට තිරගත වූ, “සමන්මලී චිත්‍රපටියේ ගීයකි.

No comments: