Saturday, November 30, 2013

අපි ඔක්කොම රජවරු


අපි ඔක්කොම රජවරු 
ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු 
ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ

ජය දද බන්දා (හහා හා හා)
සිරිදුව කැන්දා (හහා හා හා)
ජය දද බන්දා සිරිදුව කැන්දා
රුපු සෙන් ඔද තෙද සින්දා
හද අරවින්දා (හහා හා හා)
කර සිරි නන්දා (හහා හා හා)
හද අරවින්දා කර සිරි නන්දා
පර ගැති සිත ගත බින්දා
පර ගැති සිත ගත බින්දා
 (හහා හා හා)

අපි ඔක්කොම රජවරු 
ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු 
ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ

හිස මල් පිපුණා (හහා හා හා)
හසරැල් නැගුණා (හහා හා හා)
හිස මල් පිපුණා හසරැල් නැගුණා
හද සෝ ගිනි දැල් නිවුණා
නෙතු කැන් දිලුණා (හහා හා හා)
සිතු වැල් බැඳුණා (හහා හා හා)
නෙතු කැන් දිලුණා සිතු වැල් බැඳුණා
ජය මංගල ගී ගැයුණා
ජය මංගල ගී ගැයුණා 
(හහා හා හා)

අපි ඔක්කොම රජවරු 
ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු 
ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ පිරිස
පද රචනය -: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක



"ස" ප්‍රසංගයේ මුල් අවදියේ මේ ගීය මෙලෙස ගැයුණා.
අත්වැල් ගායනයට එකතු වූ පිරිස

⭕ එඩ්වඩ් ජයකොඩි
⭕ ආනන්ද වීරසිරි
⭕ රෝහණ වීරසිංහ
⭕ නිරංජලා සෝජිනී
⭕ නිර්මලා රණතුංග
⭕ චන්ද්‍රා කාන්තා නාගසේන

වාද්‍ය වෘන්දය

⭕ තබ්ලා - විජේරත්න රණතුංග
⭕ වයලීන - එඩ්ගා පෙරේරා, මර්වින් පෙරේරා, ඩී.ඩී. ගුණසේන, එම්.කේ. රොක්සාමි
⭕ බටනලා - එම්.ඩබ්. පීරිස්, එච්.එම්. ජයවර්ධන
⭕ සිතාර් - වයි.එම්. සුමනසිරි, පියදාස අතුකෝරල
⭕ ග්ලොකන්ස්පීල් - සේන වීරසේකර
⭕ රිදම් ගිටාරය - ඩයමන්ඩ් පෙරේරා
⭕ ලීඩ් ගිටාරය - උපේන්ද්‍ර ප්‍රනාන්දු
⭕ ඩබල් බේස් - නෙල්සන් වනිගසේකර
⭕ ඕබො(ව්) - එම්.එම්. නූර්
⭕ වෙනත් - අනුරාධ සොයිසා සහ කොනිස්ටන් ප්‍රනාන්දු


No comments: