Monday, October 3, 2016

කඩකළේ ඇයි


කඩකළේ ඇයි දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කුමරුනි
එදා ඒ ලස්සන දිනේ


කඩකළේ නෑ දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කැකුළිය
එදා ඒ ලස්සන දිනේ


වැව පුරා සුදු නෙළුම් පිපුණා
ගම පුරා මුළු සුවඳ හැමුවා

එදා නුඹ දුටු දිනේ ඉඳලා
මගේ හද මල පිපී දිලුණා


කඩකළේ ඇයි දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කුමරුනි
එදා ඒ ලස්සන දිනේ


කඩකළේ නෑ දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කැකුළිය
එදා ඒ ලස්සන දිනේ


තුරු ලතා වල සුවය විඳිමින්
නිදැල්ලේ නුඹ ගැනම සිතුවා

රුක් ගසේ රුක්මල් සුගන්ධෙන්
කුමරි ඔබගේ සුවඳ දැනුණා


කඩකළේ ඇයි දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කුමරුනි
එදා ඒ ලස්සන දිනේ

කඩකළේ නෑ දුන් පොරොන්දුව
ඇසල සඳ පෑයූ රැයේ
මහද සුපිපුණු රෝස කැකුළිය
එදා ඒ ලස්සන දිනේ


ගායනය - අතුල අධිකාරි සහ සමිතා එරන්දතී මුදුන්කොටුව
පද - පූජ්‍ය හිනිදුම පියනන්ද හිමි
තනුව - රෝහණ වීරසිංහ



Kadakale Eiy - Athula Adikari & Samitha mudunkotuwa

No comments: