Monday, November 7, 2022

ඇස රැඳුන රැඳුන තැන් වල

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

දුක්‌ පැදුර දිගැර අලසව ඇත
හද ගිමන්හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුළු රැය පහන් කළේ ..//

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

රෑ කවුද හෙමින් එළඹී
මගෙ කනට මුව තියා
මින්දදගෙ දුන්නෙ මල් හී
පහකැයි කියා ගියා ..//

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

වැසු විමන් පියන් පියවා
රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නෙ යටි හිතයි ..//

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි



No comments: