මා හතරවැනි පන්තියේ ඉගෙනුම ලබද්දි මා පාසලේ විවිධ ප්‍රසංගයට මගේ සම වයසේ සහෝදර ශිෂ්‍යයන් සමග රංගනයකට එකතු වුණා.
ඒක තම අස්වනු සාර වීමෙන් ප්‍රීතියට හා උද්ධාමයට පත් ගොවි ගෙවිලියන්ගේ සතුට නිරූපනය කරන ඉදිරිපත් කිරීමක්.
රංගනය මුහුවුණේ "දකින දකින වෙලේ...
. . හොඳ කාලෙ උදාවුණා අපේ ගොයම පැසී ගියා" යන ගීය සමග.
එදා ඒ ගීයේ නාද මාලා තදින් ම මා සිතේ මුල් ඇදගත්තා.
පසු කාලෙක එකී ගීය 'වංග' ජනගීයක නාද මාලා මත බිහිවූ එකක් බව දැනගත්තා.
dhitang dhitang bole
ke madole taan tole
ඒ ගීය ගැන පස්සෙ කතාකරමු.
සිංහල ගීත වලට වංග සංගීතයේ ආභාෂය මුහු වෙන්න ගත්තෙ කවදා ඉඳලද ?
ඒක හරියටම කියන්න දන්නෙ නෑ.
මගේ මතකයේ හැටියට රුක්මණී දේවි මහත්මිය 1938 දී ගීතයක් ගැයුවා වංග ගී තනුවකට.
ඒ "පුන් සඳ පායා නීල ගුවන් හී" යන ගීතය.
සටහන -
මෙතැනින් ඔබ්බෙහි මෙහි අඩංගු කර ඇති ගීත වල නාමය මත ක්ලික් කිරීමෙන්, එකී ගීයේ "ගී අරණ" අඩවිය තුළ ස්ථාපිත කේවල පලකිරීම වෙත යොමු විය හැක.
මෙහි පදමාලාව හා වැඩිමනත් තොරතුරු ඇතුළත් කළහොත් මේ පලකිරීම කියවීම ම වෙහෙස කර වන්නට පුළුවන්.
1. පුන් සඳ පායා නීල ගුවන් හී
ගායනය - රුක්මණී දේවි
පද - අඥාතයි
තනුව - කාසි නස්රූල් ඉස්ලාම්
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ
1936 දී සකීනා බෙගම් විසින් ගායනා කරනු ලැබූ Allaho Amar Swami නම් වංග භක්ති ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
මෙය රුක්මණී දේවියගේ තැටියට නැගුණු ප්‍රථම කේවල ගීයයි. (1938)
හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක N. 9375
වංග ගීය
Song - Allaho Amar Swami Singer - Sakina Begum
Composer - Kazi Nazrul Islam
Lyricist - Kazi Nazrul Islam
VIDEO
ගායනය - රුක්මණී දේවි සමග එච්.ඩබ්. රූපසිංහ 1942
පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්
තනුව - කමල් දාස්ගුප්ත
1941 දී කමල් දාස්ගුප්ත නිර්මාණය කළ, "Mora Kusum Hoye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Song - Mora kusum kandi kunjabane (1941)
Singers - Juthika Roy and Kamal Dasgupta
Lyricist - Kazi Nazrul Islam
VIDEO
"ශාන්තිනිකේතන්" ශිල්ප ශාලිකාවේ සංගීතය පිළිබඳ හය මසක කාලයක් ශිල්ප හැදෑරූ එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් ශාන්තිනිකේතනයෙන් නික්ම එන්නේ ශිල්ප හැදෑරීම අත්හැර දමාය.
1938 වසරේ ලංකාවට පැමිණ තම නම ආනන්ද සමරකෝන් යනුවෙන් වෙනස් කරගත්තේය.
රබීන්ද්‍රනාත් තාගෝර් තුමා 1905 වසරේ නිර්මානය කළ ගීයක් වන Ekla Chalo Re ගීයෙහි තනුවට සිංහල ගීයක් රචනා කළ ආනන්ද සමරකෝන්, 1938 දී ම චන්ද්‍රා විජේරත්න සමග එය ගායනා කොට තැටිගත කළේය.
ගායනය - චන්ද්‍රා විජේරත්න සමග ආනන්ද සමරකෝන්
පද - ආනන්ද සමරකෝන්
තනුව - රබීන්ද්‍රනාත් තාගෝර්
1905 දී රචනා වූ බෙන්ගාලි ගීතය මුලින් නම් කෙරුණේ "Eka" ලෙසයි. එය Bhandar නම් සඟරාවේ පලවූයේ 1905 සැප්තැම්බරයේදීයි. රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින්ම එවකට මේ ගීය ගයා ඇත.
පසුව Ekla Chalo Re නමින් ප්‍රචලිත මේ ගීය බොහෝ අයවලුන් විසින් ගායනා කර ඇත.
Ekla Chalo Re ගීය
1948 දී සුචිත්‍රා මිත්‍රා විසින් කරන ලද ගායනයක්
VIDEO
අමිතාබ් බච්චන් කළ ගායනයක් (කහානී Kahaani චිත්‍රපටියේ ගායනයට පසු කළ කේවල ගායනයක්)
VIDEO
මේ කිශෝර් කුමාර් කළ ගායනයක්
VIDEO
ආනන්ද සමරකෝන් සංගීතවේදියාණන්ගේ ගී බොහොමයකින් වෑහෙන්නේ රබීන්ද්‍ර සංගීතයේ හා බෙන්ගාලි ජන ගී වල සුවඳයි.
එතුමාගේ එම ගී අතරින් එක් ගීයක් මා තෝරාග්තේ මෙතෙක් කවුරුන් හෝ මේ වගක් සඳහන් කර නොමැති නිසාය.
ගායනය - ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී පද රචනය හා සංගීතය - ආනන්ද සමරකෝන් 1940 දශකයේ නිර්මානය වූ ගීයකි.
අහලා ඉන්නකෝ ගීය..
මා කළ ගවේෂණයන් හී දී ඉහත ගීය නිර්මානය සඳහා ආනන්ද සමරකෝන් සංගීතවේදියා ඊට පාදක කරගත් වංග ගීය සොයා ගත හැකි විය.
එය රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ නිර්මාණයකි. කවර දාක බිහිවී ද යන්න නිශ්චිතව පැවසීමට අසීරු මුත්, මේ ගීය ශිල්පීන් බොහොමයක් විසින් ගායනා කොට ඇත.
ඒ අතුරින් මා තෝරාගත් ගායනය වඩාත් උචිත යැයි හඟිමි.
Song: Gram-Chhara Oi Ranga Matir Path
Album: Aji Kon Sure Bandhibo - Suchitra Mitra
Artist: Suchitra Mitra
Music Director: Rabindranath Tagore
Lyricist: Rabindranath Tagore
VIDEO ආනන්ද සමරකෝන් සංගීතවේදියා වංග සංගීතයේ ආභාෂය මත නිර්මානය කළ ගී රැසක් ඇති බව කිව යුතුය.
ඒ අතර ශ්‍රී ලංකා ජාතික ගීය වැදගත් ම නිර්මානය වේ. ජීවිත කාලයක් තමා කළ මෙහෙවර හා කැප කිරීම් සියල්ල ගැන කලකිරී එතුමා ජීවිතය අත්හරින්නට තීරණය කරන්නෙත් ඒ ගීය නිසාමය.
එතුමාට නිවන් සුව අත්වේවා යැයි ප්‍රාර්ථනා කරමු.
වංග සංගීත ආරෙහි විවිධ පැතිකඩ ඔස්සේ සිංහල ගී බොහොමයක් නිර්මානය කළ අනෙක් සංගීතවේදියා ලෙස නම් කළ හැක්කේ සුනිල් සාන්තයන්ය.
එතුමා සංගීත නිපුණත්වය ලබා ගැනීමට මුලින් ඇතුළත් වූයේ "ශාන්තිනිකේතන්" ශිල්ප ශාලිකාවටයි.
එනමුත් 'ශාන්තිනිකේතන්' වංග සංගීතයට පමණක්ම නාභිගතව පැවතීම සුනිලුන්ට තම ශිල්ප පිපාසාව නිවා ගැනීමට ප්‍රමාණවත් නොවේය යන හැඟීම බලවත් වූ දා ඔහු ඉන් නික්ම, ලක්නව් හී භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.
පෙරළා ලංකාවට පැමිණි එතුමා තුළ දේශීය සංගීතය නංවාලීමේ අරමුණු රාශියක් තිබුණේය. ඒවා වෙනත් අවස්ථාවක කතාකරමු.
සුනිලුන්ගේ ගී බොහොමයකත් වංග සංගීතයේ හැඩ රුව ගැබ්වී ඇති බව මා පැවසිය යුතු කාරණයක් නොවේ. එය මනාව විද්‍යමානව පවතී.
එතුමා ඉන්දියාවේ ශිල්ප කිරීමෙන් ඉක්බිති ලංකාවට පැමිණ ගායනා කළ වංග ගීයකින් ම කතිකාව පුරමු.
එනමින් එතුමා ගායනය කළ ගීයයි මේ.
වංග බසින් 'බන්දු' කියන්නෙ මිතුරා ට.
මිතුරා ගැන ගී රාශියක් වංග ජන ගී අතර තිබෙනවා.
සුනිලුන්ගේ 'බොන්දුරේ' ගීයට මේ පහත ඉදිරිපත් කරන ගීය බෙහෙවින්ම පාදක වූ බව මගේ හැඟීමයි. පහත ගීය වංග ජන සංගීතයේ ප්‍රකට ගීයකි.
Song - Thakte Par Ghatate Tumi Parer Naiya
Artist - Sangita Sarkar
VIDEO සටහන :--
මෙතැන් සිට මෙහි අඩංගු වන්නේ 2025 දෙසැම්බර් මස 31 වන දින සිට එකතු කරන්නට යෙදුණු ඇමුණුම් ය.
1940 දශකයේ ආරම්භයේ සිට වංග සංගීතයේ එන ජන ගී හා රබීන්ද්‍ර සංගීතයේ ගීත වල ආභාෂය ලබමින් නිර්මානයවූ සිංහල ගීත ලෙස හමුවන්නේ, "ශාන්තිනිකේතන්" වෙතින් ශාස්ත්‍ර ඥානය ලැබුවාවූ ආනන්ද සමරකෝන් සංගීතවේදියා වෙතින් නිර්මානයවූ ගී රැසකි.
ප්‍රේමය තේමා කරගත් "එන්ඩද මැණිකේ" ගීතය තරුණ ගැමි පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු අතර සංවාදයක ස්වරූපයෙන් වූ ගීය මේ පලකිරීමේ අංක 4 යටතේ ඉදිරිපත් කර ඇත.
1940 ගණන්වල මුල් භාගයේ සිට මැද භාගය දක්වා පහත සඳහන් ගීත ආනන්ද සමරකෝන් සංගීතවේදියාගෙන් බිහිවිය.
ඔහුගේ හොඳම කෘති අතර:
Podimal Ethano (පොඩිමල් එතනෝ) Vile Malak Pipila (විලේ මලක් පිපීලා) Poson Pohoda (පොසොන් පොහෝදා) Ase Madura (ඇසේ මදුර) Sunila Guvane (සුනිල ගුවනේ) Punchi Suda (පුංචි සුදා) Nilvala Gange (නිල්වලා ගඟේ) Sumano (සුමනෝ) Pudamu Kusum (පුදමු කුසුම්) Siri Saru Saara Kethe (සිරි සරු සාර කෙතේ)
මා මෙලෙස ලැයිස්තුවක් ලෙස දැක්වූ ගීත එක එකක් සම්බන්ධයෙන් තවදුරටත් ගවේෂණ සිදු වෙමින් පවතී.
වංග සංගීතය සම්බන්ධයෙන් පවතින වාර්තා ඉතා අඩුය. එහෙයින් පිළිවෙලකට ගොනු කිරීම දුෂ්කර කටයුත්තකි.
දැනට මට හමුවී ඇති තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු දින වකවානු අනුව නැවත සංස්කරණය කිරීමේ අදහස ඇතිව, තෙැන් සිට ඉහත ලැයිස්තුවේ ගීත වලට පිවිසෙමු.
6. පොඩිමල් එතනෝ