සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි...//
තව ලඳකට මේ හිත පුද දෙන්න - අවසරයි
අත් හැර ඔබෙ අත් ඇගෙ අතගන්න අවසරයි - අවසරයි
තුන් හිතකින්වත් ඔබ නොපෙනෙන්න අවසරයි - අවසරයි
ලස්සන යුග දිවි පෙවෙතක යන්න අවසරයි
අවසරයි අවසරයි
සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි
පෙම් ලොව විසිතුරු ඇය හා විඳිමි - අවසරයි
රන් සමනල ලෝකයකට යන්න අවසරයි - අවසරයි
ඒ ලොව හිඳ මා හිත රිදවන්න අවසරයි
මග වැරදුනු දා මා වෙත එන්න අවසරයි
සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක සහ නිරංජලා සරෝජිනී
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment