Sunday, December 1, 2013

ඒදණ්ඩෙන් පිය මනිනු එපා


ඒදණ්‍‍ඩෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි ....//

විපතක් වූවොත් කාට කියන්නද
මං තනිවෙනවාමයි
තවම බහ නොදුන් නුඹ නැතිදා මම
ගම හැරදා යනවාමයි
අනුකම්පාවෙනි කියන්නෙ ‍මිහිරියෙ

ඒදණ්ඩෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි

දෙදෙනා ඉන්නේ දෙගම්මානයේ
ගඟ ඒ මැදින් ඇදේ
පාලම හදලා ඉවර වෙන තුරා
දෙදෙනා බැ‍ඳෙනු නැතේ
ඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට

ඒදණ්ඩෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

No comments: