Sunday, December 1, 2013

ආදරයේ උණුසුම් සුසුම්


ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැලමුතු පෙම තුළ
නිසසල වී ලොව
නවතීවා සැණෙකින්

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
අනේ ලෙන්ගතුදැයි කෙතරම්

බිළිඳකු‍ සේ ළමැදේ
ගුලිවූ විටෙක ලොබින්
සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයිද සිතේ

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැලමුතු පෙම තුළ
නිසසල වී ලොව
නවතීවා සැණෙකින්

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

 

සීතල දෙතොලින් සිසිල‍සකින් මුමුණන විට
අනේ හීනෙන් දැයි නෑ‍ඟෙයි

හාදු මතින් නළලේ
උණුසුම් තික තියා
පිදුවේ ඒ නුඹගේ සෙවණැල්ල තමයි
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැලමුතු පෙම තුළ
නිසසල වී ලොව
නවතීවා සැණෙකින්

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

ගායනය - අමරසිරි පීරිස් සහ නිරෝෂා විරාජිනී
පද - නිලාර් එන්. කාසිම්
තනුව - අමරසිරි පීරිස්



Adaraye Unusum Susum - Amarasiri Peiris & Nirosha Virajini

No comments: