Sunday, December 1, 2013

ආශා නිරාශා මැවූ


ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකි
‍ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි...//

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජී‍විතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා - රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා...

ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකි
‍ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

නෙතේ හැංගි හැංගී හිඳී
හිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී
මගේ නින්ද ආයේ බිඳී
දිවා - රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා...

ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකි
‍ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: ආචාර්ය අජන්තා රණසිංහ
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

No comments: