හ හා... (හ හා..)
ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත වුණායැයි ඔබම කී
කවියාණනේ
මා ඔබෙයි
ඔබගෙයි සදාදර පෙම්වතී
විසල් අහසට දුක දැනී
හිතුනු විට වැලපෙණු හැකී
සැඩ කුණාටුව වියරුවී
උණුසුම් සුසුම් වගුරනු ඇතී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් පරදතැයි ඔබම කී
ප්‍රේමයට නිම් හිම් නැති
රෑ දිවා ඔබ ගැන තැවී
නිල සේදිලා රතු පෑ වුණී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වලට මා ණය නැතී
මේ අළුත් කඳුළුත් ඔබටමයි
ඔබෙ කවි වලට ගන්නට හැකී
ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත වුණායැයි ඔබම කී
කවියාණනේ
මා ඔබෙයි
ඔබගෙයි සදාදර පෙම්වතී
ප්‍රේමයට නිම් හිම් නැති
හ හා... (හ හා..) //
හ්ම් ම්.. (හ්ම් ම්..) //
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - නිමල් ජයකොඩි
No comments:
Post a Comment