දිය සරැලි නළවනා ඔබේ හඬ
මගේ යොවුන් සිත පුරා
එකම ගීතය විය
ජීවිතේ සත්තටම
සසර දනව්වේ යනෙන මඟ
ඔබය මා සෙවූ පූජාසනය
ඔබය මා සෙවූ
ඔබය මා සෙවූ ප්‍රිය දර්ශනය
ඇත්තටම
වසන්තය කොර ගගා නික්මෙනා
පමා වනු ඇයි සබඳ
අපට අහිමිව අපේ ලොව
ආදරය වේදනාවක්ම වෙද සදහටම
ආදරය වේදනාවක්ම වෙද සදහටම
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - ශිරාණි විජයකුලතිලක
තනුව - නාලක අංජන කුමාර
No comments:
Post a Comment