පිපුණ
වග මල දන්නවා
ගඟ
කොතැන ගැලුවම මොකද
ගලන
වග ගඟ දන්නවා
සඳ
කොතැන දිළුනම මොකද
දිළෙන
වග සඳ දන්නවා
නුඹ
කොතැන සිටියම මොකද
නුඹ
ඉන්න බව මං දන්නවා
විලේ
ලස්සන තවත් විල් දියෙ
මලුත්
පිපුණොත් තමා
දොළේ
ලස්සන තවත් දොළ දියෙ
පෙණත්
නැගුණොත් තමා
සඳේ
ලස්සන තවත් සඳ දියෙ
තරුත්
දිළුනොත් තමා
නුඹේ
ලස්සන තවත් නුඹෙ සිතෙ
මාත්
සිටියොත් තමා
මල
කොතැන පිපුණම මොකද
ගඟ
කොතැන ගැලුවම මොකද
සඳ
කොතැන දිළුනම මොකද
නුඹ
කොතැන සිටියම මොකද
මල
කොතැන පිපුණම මොකද
පිපුණ
වග මල දන්නවා
ගඟ
කොතැන ගැලුවම මොකද
ගලන
වග ගඟ දන්නවා
සඳ
කොතැන දිළුනම මොකද
දිළෙන
වග සඳ දන්නවා
නුඹ
කොතැන සිටියම මොකද
නුඹ
ඉන්න බව මං දන්නවා
ගායනය
- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද
රචනය - අතුල ජයදේව
තනුව
හා සංගීතය - සුරේෂ් මාලියැද්දේ
No comments:
Post a Comment