ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//
මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කඳුළැලි දරා
මම මඟ බලා සිටියා
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකි නිසා
මම මඟ බලා සිටියා
ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි
නේක දුක් හද රැඳුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පවන් රොදකට සවන් දොර ඇරුණා
තරු ඇසක් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ළඟ මා ...//
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment