Thursday, May 21, 2015

අහසයි ඔබ මට


අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණි මං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

ගඟේ වතුර නැ ඉහළට ගලා ගියේ
අසෙනි හඬින් නෑ කඳු බිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුනු දා කඳු බිම් හැකිළෙනවා

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණි මං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

‍අනාථ සයුරක වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණි මං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි ...//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුනිල් එදිරිසිංහ
පද රචනය - බන්දුල නානානයක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙය 1990 දී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ මුල්ම කැසට් පටය වූ සිනා පොදක් වී කැසට් පටය තුළින් දොරට වැඩි ගීයකි. 1996 දී සරෝජා” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: