අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියඟය ආවාමයි..//
රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද ...//
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිබින් ලැබුණිද
අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියඟය ආවාමයි
නීල ඉඳුවර පෑ අහසට
කඳුළු වැසි දුන්නේ කවුරුද...//
පලා පෑ ඉසිලූ මිහිමත
නියං ඇතිරූයේ කවුරුද
අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියඟය ආවාමයි
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය - ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment