රෑකින්
මිදෙන අවපස සඳවතක් ලෙස
දෝතින්
එදා පුදදුන් හද මඬල යස
තාමත්
මගේ ළඟමයි සිහිනයක් ලෙස
ඔබ
වෙන් වුණේ ඔබ වට බැඳි පවුරින්ය
මා
තනි කළේ කළ හැකිවක් නැතියෙන්ය
කිසිවෙකු
නමින් නොපිදුනු හිත එලෙසින්ය
ඔබ
දැන් මට පෙනෙන්නේ පෙර මතකෙන්ය
ආලය
අයිති වීමෙන් පසු නිම වේද
මා
හට අයිති නැති ඔබ අද ඇයගේය
සෝ
බර හිතට මේ කිසිවක් නොහැඟේය
ඈතින්
හිඳිමි මා පණ නල ඔබගේය
ඈතින්
හිඳිමි මා පණ නල ඔබගේය
ගායනය
- දීපිකා ප්‍රියදර්ශනී
පද
රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment