Friday, May 22, 2015

මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න

මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න
මට කඳුළු එන්න කලියෙන්
මං දමායන්න

මේ පුරහඳකට පොහොය ලැබෙන අනිතිම මොහොතයි
හෙට අවපස වී මන් එනකොට අඬන්න නරකයි
තව එපා ඉන්න ආ...
තව එපා ඉන්න
ඔය ඇස් බැලුවම මට බැහැ හෙට තැලි අඳින්න

මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න

සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි
දැන් ඉතින් යන්න ආ...
දැන් ඉතින් යන්න
අතැඟිලි වැටුණම බැරිවෙයි මුදු පළඳවන්න

මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න
මට කඳුළු එන්න කලියෙන්
මං දමායන්න
මට කඳුළු එන්න කලියෙන්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය - මහින්ද බන්ඩාර

No comments: