Sunday, February 24, 2019

ජුවන් අප්පු ගමේ හිටපු දුප්පතා


ජුවන් අප්පු ගමේ හිටපු දුප්පතා
දෝණිට හා බාරිට එක හිතවතා
කන්නට නැතත් අනේ
කුස ගින්නෙන් ඉන්නේ
නමුත් රේස් ටිකට් ගන්නවා

වාසනාව මුලු පවුලට ළං වුණා
රේස් දිණුමෙ පළවෙනි තැන හිමිවුණා
ලොකු ගෙයකුත් ගත්තේ
වැඩකරුවොත් ඇත්තේ
දෝණිත් වස දඟකාරී

ඇඟ පෙනෙන්ට දැල් හැට්ටය ඇඳගෙන
ඉඟටිය හැර සාරිය පොරවාගන
මල සමයං සිංඤෝ
මහ මඟ ඇවිදින්නා
බටහිර පැෂන් ලබාලා

දුවට ගමන් බිමන් බොහොම වැඩිවුණා
ධනපති තාලෙට හැදෙන්න සිත් වුණා
දිග කොණ්ඩය කැපුවා
තොල් දෙක රතු කෙරුවා
නියපොතු දික්කර වැවුවා

ම ලක්ෂණ යයි කියාලා හැමෝම
කියනව මට ඇහුණා ගම පුරාම
තරඟෙට රූ රැජිණී
රට යන්නට සිතුණී
මව්පියො අවසර දුන්නා

සාරි හැට්ට පිට රටින්ම ගෙනෙන්ට
බෙරලියන්තු මුතු ගෙල වට බඳින්ට
වියදම වැඩි වෙනවා
පියතුමා වෙව්ලනවා
එනමුත් දෝණි විනෝදේ

රූප රාජිණී වුනාම රටකට
එයි පොහොසත් මහතෙක් කරකාරෙට
එතකොට ඉඩම් කඩම්
ලැබේවි ඕනතරම්
නට නට ඈ පවසන්නේ

වේදිකාවෙ තිරේ ඉබේ වෙන්වුණා
තරුණියො සේරම තරඟෙට පැමුණුනා
අත්පොළසන් දුන්නා
සමහරු උඩ පැන්නා
දකින්න රූප රාජිණී

සභාවෙ මැද රූපේ හැඩ පෙන්වන
කලට ජුවන් අප්පුගෙ දුව පෙරලුණා
අඩි උස සපත්තුවක්
කළෙ මහ සවුත්තුවක්
තරඟෙන් පරාජය වුණා

ලැජ්ජාව දරාගන්ට බැරිවුණා
රේස් දිණුමෙ සල්ලි ටිකත් නැතිවුණා

ගොස් ළිඳකට පැන්නා
මරුවට දිවි දුන්නා
දැන්වත් හැදෙයිද කෙල්ලෝ .....//

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ පුෂ්පරාණී රියරත්න
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: