Sunday, February 24, 2019

ආදරවන්තියෙ ආදරවන්තියෙ මාගේ

ආදරවන්තියෙ ආදරවන්තියෙ මාගේ
ජපන් රටේ බෝනික්කෙක් වාගෙ ඔයා
ආදරවන්තයො ආදරවන්තයො මාගේ
කෝකිලයෙක් වගෙ ගීත ගයන්නෙ ඔයා ....//

කලක් සිටන් මං ආදරෙ කරන්න හිතුවා
මලක් වගේ ඔබෙ ලස්සණ රූපය දුටුවා
ඉලක්කෙ මාගේ වරදින්නට නම් බැරිවා
ගලක් නොවෙයි ඔබෙ හිත මං කුසුමක් කෙරුවා

සින්දු කියන්න ඔබ අපගේ රටට ඇවිල්ලා
මගේ නම යොදා ආදර ගීයක් තනලා
ඒ ගීතය ගයනා විට මගෙ මුව බලලා
එන්ඩ හිතුණ මට සේරම අමතක කරලා

ආදරවන්තියෙ ආදරවන්තියෙ මාගේ
ජපන් රටේ බෝනික්කෙක් වාගෙ ඔයා
ආදරවන්තයො ආදරවන්තයො මාගේ
කෝකිලයෙක් වගෙ ගීත ගයන්නෙ ඔයා

කුරුලු ගීතයෙන් ලස්සණ මල් පිබිදෙනවා
සමනලයන් විත් ඒවයෙ පැණි බී යනවා
හොයනා මිනිහට හඳුන් ගහක් හමුවෙනවා
ආදරියේ ඔබ ඒ වගෙ මට තේරෙනවා

කාටත් නෑ මං කවදාවත් පෙම් කෙරුවේ
ඔබේ ගීතයේ මිහිරි රසක් මම ඇසුවේ
මුලු ලෝකෙම මට අමතක වෙයි ඔබ හමුවේ
ඔබටයි හිතවත ප්‍රේමනීය හිත නැමුවේ

ආදරවන්තියෙ ආදරවන්තියෙ මාගේ
ජපන් රටේ බෝනික්කෙක් වාගෙ ඔයා
ආදරවන්තයො ආදරවන්තයො මාගේ
කෝකිලයෙක් වගෙ ගීත ගයන්නෙ ඔයා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ දයානි සේනාරත්න
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: