සූකිරි කන්දක් මුදුනේ
ප්‍රාර්ථනා මල් පිපිලා
ආදරයේ පැණි විහඟුන්
කන්ද උඩින් පියාසලා
ආ හා හාහා හහහා
කන්ද උඩින් පියාසලා ….//
දියවී ගිය කඳු මුදුනක
මී පැණි පිරි නදියක් වී …//
ගලා බසී අප හදවත්
ඉවුරු බිඳන් රස නෑවී
ආ හා හහහා
ඉවුරු බිඳන් රස නෑවී
සූකිරි කන්දක් මුදුනේ
ප්‍රාර්ථනා මල් පිපිලා
ආදරයේ පැණි විහඟුන්
කන්ද උඩින් පියාසලා
ආ හා හාහා හහහා
කන්ද උඩින් පියාසලා
පැණි ගඟ තුරුලට කරගත්
නුරා සයුරෙ රැලි මාලා …//
දිවගෙන එයි අනුරාගෙන්
දිවගෙන එයි අනුරාගෙන්
සන්තර්පන වෙරළ බලා
ආ හා හහහා
සන්තර්පන වෙරළ බලා
සූකිරි කන්දක් මුදුනේ
ප්‍රාර්ථනා මල් පිපිලා
ආදරයේ පැණි විහඟුන්
කන්ද උඩින් පියාසලා
ආ හා හාහා හහහා
කන්ද උඩින් පියාසලා
ආ හා හහහා
ආ හා හහහා
ආ හා හා හා
හ්ම් හ්ම් හ්ම් හ්ම්…
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක සමග
සුජාතා අත්තනායක
පද රචනය: චන්ද්‍රරත්න මාපිටිගම
තනුව: සුමේධ හේවාවිතාරණ
(හත්දින්නත් තරු චිත්‍රපටයෙන්) (1973)
No comments:
Post a Comment