Saturday, November 30, 2013

අරුන්දතී තාරකාව


අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟී

වෙරළ සමීපේ මින් සමුදායයි
ගමින් ගමට නිල්වන් වැව් යායයි
සිරිලක දසනු දිසා එක හීයයි
ලක් වැසියෙක් වී අද ඉර පායයි

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟී

මල්සර උක් දඬු දුනු හී මානයි
නව යෞවන යේ පෙම් රජ දහනයි
හිරු නව පැතුම් පතා රැස් වීදයි
නිවහල් ලොවකට මං පෙත පාදයි

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟී

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: සෝමපාල රත්නායක


No comments: