Thursday, April 30, 2015

පාවෙලා හෙමින් ඇවිත්


පාවෙලා හෙමින් ඇවිත්
ඉන්න මා ළඟින්
සීත රෑ වලාකුළේ
ඉන්න මා ළඟින්

මාපියන් සොහෝයුරන්
දුරුකතර ගිහිං
ප්‍රේමයේ පැතුම් මලත්
පරවෙලා ගිහිං

විරහ ගීතයක් ගයන්න
තනුව මට දියන්
මා පැතූ ඔඹේ නුවන්
සිහිල පා කරන්

පාවෙලා හෙමින් ඇවිත්
ඉන්න මා ළඟින්
සීත රෑ වලාකුළේ
ඉන්න මා ළඟින්

විරහ ගීතයක් ගයන්න
තනුව මට කියන්
මා දමා මගේ ළඟින්
හැංගිලා නොයන්

පාවෙලා හෙමින් ඇවිත්
ඉන්න මා ළඟින්
සීත රෑ වලාකුළේ
ඉන්න මා ළඟින්

මා පියන් සොහෝයුරන්
දුරුකතර ගිහිං
ප්‍රේමයේ පැතුම් මලක්
පරවෙලා ගිහිං

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය - සෝමපාල රත්නායක

No comments: