කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ
ආවේ එදා මා තනීවී ලොවේ හී
නැතිවී ගියා ඒ හැගුමන් මෙහී ....//
යළි මා අනාතයි උතුරා ගලායයි
සංවේදනා
කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ
ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
මුසුවී ඇසේවා සුළඟේ පවා
කෙවිලී කැදැල්ලේ ,කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා
කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ
පායා පහන් වූ රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා
කවදාද ආයේ පායා දිළෙන්නේ
රන් තාරකා
කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ
ගායනය - ටී.එම්. ජයරත්න
පද - රංජිත් වීරසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ජනක සහ මංජු චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment