Friday, January 27, 2017

පුතේ රන් කඳේ

පුතේ රන් කඳේ මා කුසේහී උපන්
අම්මාගේ සුව යහනේ නින්දේදෝ
සදා වාසනා ජීවිතේහී මතු
සංවේගේ දැන් මහදේ පහවී යයි

අහිංසක මේ දෑසේ සිමින මැවේ
පුතා හට දැන් නම් මා පහන ලොවේ ...//
සදා වාසනා ජීවිතේහී මතු
සංවේගේ දැන් මහදේ පහවී යයි

පිපී එන මල් රාශී මියුරු ජලේ
පුතා වෙත පාවී එයි සුවඳ විලේ ...//
පුතේ රන් කඳේ මා කුසේහී උපන්
අම්මාගේ නෙත් වාගෙයි පුතේ මා සුදූ

උදා වෙන මේ ලෝකේ සතුට ඔබයි
නිසංසල නිල් අහසෙ තරුව ඔබයි ...//
සදා වාසනා ජීවිතේහී මතු
අම්මාගේ නෙත් වාගෙයි පුතේ මා සුදූ

ගායනය - ලතා වල්පොල
පද - කරුණාරත්න අ‍බේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1979 දී තිරගතවූ ගැහැණියක් චිත්‍රපටියේ ගීයකි.


11971 දී තිරගතවූ Balidaan චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Chale Ao Dil Mein Bacha Ka Nazar යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

No comments: