Friday, January 27, 2017

ජල ධාරාවේ


ජල ධාරාවේ
කිංකිණි රාවේ
හඬ මිහිරියි මිහිරියි මිහිරියි
රළ මාලාවේ
මල් මේලාවේ
රුව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි .....//

(හහ් ßÆuහිහ්..u  හහ් ....හී.)

හිම කඳු දිය වී ගලන ජලාසේ
නුවන් කඳුළු යයි සේදි සේදී

මලය ගිරින් එන
චන්දන සිසිලේ
මලය ගිරින් එන
චන්දන සිසිලේ
නැවුම් හැඟුම් එයි පෑදි පෑදී

ජල ධාරාවේ
කිංකිණි රාවේ
හඬ මිහිරියි මිහිරියි මිහිරියි
රළ මාලාවේ
මල් මේලාවේ
රුව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි

මිහිලිය හිනැහී රඟන වෙලාවේ
පෙණ පිඬු වැසි මැද නෑවි නෑවී

හෙල්මැලි පෙති මත
දේදුනු පාටින්
හෙල්මැලි පෙති මත
දේදුනු පාටින්

හදවත ඉපිලෙයි පාවි පාවී

ජල ධාරාවේ
කිංකිණි රාවේ
හඬ මිහිරියි මිහිරියි මිහිරියි
රළ මාලාවේ
මල් මේලාවේ
රුව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි
රුව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි
රුව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි
රුව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි
රුව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි

(හහ් ßÆuහිහ්..u  හහ් ....හී.)
(හහ් ßÆuහිහ්..u  හහ් ....හී.)

ගායනය - උරේෂා රවිහාරි
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ

කුස පබා සිනමා ජලාසේ දියබුං ගැසූ වගයි.

No comments: