මිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ විඩිවෙලා සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී ....//
පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී
මිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ විඩිවෙලා සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනාසිසී මා එන මග හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ
මිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ විඩිවෙලා සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
ගායනය - පේෂලා මෙන්ඩිස්
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - අාචාර්ය රෝහණ වීරසිංහ
2 comments:
රත්න දීප ගීතය දාන්න පුලුවන්ද?
ඔබට ගීයක් සොයා ගන්න අවශ්‍ය විට, ගීයේ මුල් වචන දෙක හෝ තුනට පසු ගී අරණ යැයි සඳහන් කර සෙවීමක් Search කරන්න, ඕනෑම search engine එකකින්. ගී අරණේ එම ගීය බොහෝ විට තියෙනවා. ඒ විදියට 'රත්නදීප ගී අරණ' කියා search කළොත්, ඔබට ගීය හොයාගන්න පුළුවන්. https://geearana.blogspot.com/2015/04/blog-post_84.html?m=1
Post a Comment