Friday, March 8, 2019

හැරදා විමන්

හැරදා විමන්
සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ
වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ ....//

මුළු ජීවිතේම නෑ මෙමා
දුක් ගීතයක් ගයා
හඬවන්නෙ ඇයි ළඳේ ඔයා
දුක් මාරුතේ හොවා


හැරදා විමන්
සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ
වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ

පෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී
තිබුණා කියා සිතන්නෙ මා
කෙලෙසින්ද මිහිරියේ

හැරදා විමන්
සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ
වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ ...//

ගායනය - ප්‍රියා සූරියසේන
පද - ඩොනල්ඩ් අයිවන්
තනුව - ස්ටැන්ලි පීරිස්

No comments: