උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ, ඔබ මට වාසනා
ඔබ මට, මට ඔබ වාසනා
ඔබෙ නෙත් දොළොස් මහේ පහණ වේ //
කළ මැන දල්වන්න ආරාධනා //
පෙර භවයේ වියෝග අඳුරේ නිවුණු තැනින්
මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ, ඔබ මට වාසනා
ඔබ මට, මට ඔබ වාසනා
සුරතින් සුළං මුවා කරලමි //
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා //
අපි අපගේ අනෝම ඇසුරේ වෙළෙමු සදා
මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ, ඔබ මට වාසනා
ඔබ මට, මට ඔබ වාසනා
මට වාසනා
ගායනය - ප්‍රියා සූරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ප්‍රියා සූරියසේන
චිත්‍රය ජයසිරි සේමගේ ශිල්පියාගේ නිර්මානයක්.
No comments:
Post a Comment