Friday, March 8, 2019

එකම වීදියේ


එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇති

සුදු හසඟන සේ හසරැලි ඉහලා
සඳ පායන සේ හද ගිණි නිවලා
ඔබ මා සුරතේ දසැඟිලි පටලා
දොඩමලු වීලා මට ඉඟි කරලා

හැන්දෑ යාමේ මා අත හැරලා
යන්නී ඔබ ඔබෙ කුටියට පෙරලා
කවුළුව අතරින් හසරැලි එලලා
මම යමි මගෙ හිත ඔබ ළඟ තියලා

තනි යහනේ මා කෙසේ සිතන්නේ
මා සිත ඔබෙ ළඟ නොවෙද තියෙන්නේ
ඔබට හිතෙන දේ හිතට කියාදී
හෙට එන විට යළි රැගෙන වරෙන්නේ

එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇති


ගායනය - ප්‍රියා සූරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ප්‍රියා සූරියසේන

No comments: