Friday, March 8, 2019

සැන්දෑ යාමේ

සැන්දෑ යාමේ
එක්වූ යාමේ
මන්දාකිනියේ
පෙම් රන් තරුවේ
සන්සුන් වෙරළේ
දෙන්නා රහසේ
ළංවී හිඳිමු මේ සීමාවේ

මා එදා කියු සේ
ජිවිතේ පුරා
ආදරේ එසේමයි
නැ බිඳී ගියේ

සැන්දෑ යාමේ
එක්වූ යාමේ
මන්දාකිනියේ
පෙම් රන් තරුවේ

වේදනා වියෝවූ
රැ දිවා පිරු
සාගරේ වගේමයි
ආදරේ මගේ

මගේ ළයේ නිදන් වූ
ඔබේ සිතූ පැතුම්
රැඳී සදා තිබේවා
මගේ පැතුම් පුරා

සැන්දෑ යාමේ
එක්වූ යාමේ
මන්දාකිනියේ
පෙම් රන් තරුවේ
සන්සුන් වෙරළේ
දෙන්නා රහසේ
ළංවී හිඳිමු මේ සීමාවේ

ගායනය - ප්‍රියා සුරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: