ඉරා
අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු
පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු
උදයේ දිළිසෙන පිනි මත
පියමං
කරමින්
අහස්
ගව්වටයි ළං වන්නේ
ඉරු
රැස් දැඩි වී ඇකිලී ගුලි වී
සැඟවී
යාදෝ
මිණි
කැට මිහි තුළ
පා
පෙරළී ගොස්
රැඳේද
අප හැම
ඉමක්
නොපෙනෙනා
අහස්
ගඟේ
ඉර
හඳ නැති වී සුළඟ සුසුම් ලන
දවසක්
ඇවිදින් උදාගිරෙන්
කඳුළත්
සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු
වී අපි ඉමු මිතුරෝ
එන්න
මගේ පිය මිතුරෝ
එන්න
මගේ පිය මිතුරෝ
එන්න
මගේ පිය මිතුරෝ
ගායනය
- මහාචාර්ය සනත් නන්දසිරි
පද
රචනය - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
තනුව
- ප්‍රේමසිරි කේමදාස
1974
වසරේ තිරගත වූ අහස් ගව්ව චිත්‍රපටයට නිර්මානය වූ ගීයකි.
මහාචාර්ය
චන්ද්‍රසිරි පල්ලියගුරු රචනා කරන ලද ප්‍රථම ගීතයයි.
ගීයේ සිනමා රූප රාමු
No comments:
Post a Comment