Saturday, November 30, 2013
සිප එන සමනල මුදුනින්
සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින් …//
ලංකා (රන් තඹර කැකුළ)
ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා
ලංකා ……… (ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා)
ආසිරි සත් රුවන් වැසී
ඈත තුසීතයෙන් ඉසී …//
ඉසුරු සුවය විඳිනු රිසී
සුරන් පවා බිමට බසී
සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින් …//
ලංකා (රන් තඹර කැකුළ)
ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා
ලංකා ……… (ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා)
භූ පාලන නව රැල්ලේ
එක ධජයක සෙවනැල්ලේ …//
නිවහල් රන් ඕවිල්ලේ
ජන ජය ගී මංගල්ලේ
සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින් …//
ලංකා (රන් තඹර කැකුළ)
ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා
ලංකා ……… (ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා)
ලංකා රන් තඹර කැකුල විකසිත වෙනවා ///
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment