Saturday, November 30, 2013

කියන්න මගෙ සුදු පුංචි කුමාරය


කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය

අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය

ඔබේ ළසෝ ගිණි තැවුල් නිවාලන
ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙන
මදෙස බලා ඉනු මැන කරුණාවෙන්
එයයි මගේ ගිම් නිවන නවාතැන

කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය

අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය

දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
කුමට මගේ පිළිසරණ පතන්නෙද
දෙපා සතුන්ගෙන් බැට කන මා හද
ඔබේ සරණ නිබඳව නොසොයාවිද

කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය

අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක සමග
නිරංජලා සරෝජිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

No comments: