ලබලා තිදසා පුරයේ සැපතා
නොලදිම් සුව හදටා
රජකුල සිරිතා
රුපුසෙන් සේමා
වඩනා පෙම මඬනා
යමුනා තෙරෙහී හසඟන සේමා
සඳවන් වත දිලෙනා …//
නොකළාදෝ මා කුසලා බෝමා //
යුවතී නුඹ ලබනා
ලබලා තිදසා පුරයේ සැපතා
නොලදිම් සුව හදටා
රජකුල සිරිතා
රුපුසෙන් සේමා
වඩනා පෙම මඬනා
හැරදා පිදෙනා නර්තන ජාලා
අභිමන් රජ කිරුළා …//
තනිවෙම් හිමයේ ගිරිලෙන් සෙවණා //
සොවිනා සිත දවනා
ලබලා තිදසා පුරයේ සැපතා
නොලදිම් සුව හදටා
රජකුල සිරිතා
රුපුසෙන් සේමා
වඩනා පෙම මඬනා
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: වසන්ත කුමාර කොබවක
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment