Sunday, December 1, 2013

ඔබ නැතුව ඉන්න බැරි තරමට


ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම …//

මේ සීතල හිමගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ …//
පෙති මත සතපා
රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුණේ …//
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම …//
ඔබේ සුවඳ මුසුවේ

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: සුජීව ප්‍රසන්නආරච්චි
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

No comments: