Sunday, December 1, 2013

මුදු පරම සුපිවිතුරු ආදරයෙන්


මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
අප වෙලී දෙඩූ අඩ සැඳෑ කලේ
ඔබගෙන් සමුගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස
මගෙ කුටියට ඇවිදින් …//

ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිඳිනවා …//
දඟකාරකම් කරමින්
නෙත් පියන්න ඉඩ දෙන්නෑ

නේවාසිකාගාරේ
පොත් අතර රැඳී ඔබ අකුරු කියූවත්  …//
කිසිවක් මතකයෙ නොරැඳෙන බව දනිමී
ඔබෙ සිත මා ළඟ හින්දා

ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
ආපසු එන්න කියා

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

No comments: