පායන සඳ ගැන මොනව හිතන්නද
හිතුවත් ඒ ගැන මොනව කියන්නද
කිව්වත් කිසිවෙකු අහන්නෙ නෑ
එයද ආදරය වාගේ … //
සිතක සිතුම් එක්තැන් කොට අමුණා
ආදරයේ මහ පොතක් ලියූවෙමි
මේ ලොව නෙතු දස දහසක් ඇති මුත්
කිසිම නෙතක් ඒ දෙස හෙළුවේ නෑ
පායන සඳ ගැන මොනව හිතන්නද
හිතුවත් ඒ ගැන මොනව කියන්නද
කිව්වත් කිසිවෙකු අහන්නෙ නෑ
එයද ආදරය වාගේ
ගී පොතකින් මා උපුටා නොගතිම්
මගේම සිතුමන් රසයෙන් එක්කොට
මා හැමදාමත් හඬගා කියනෙම්
ආදරයේ.. මහ පොතක් ලියූ බව
පායන සඳ ගැන මොනව හිතන්නද
හිතුවත් ඒ ගැන මොනව කියන්නද
කිව්වත් කිසිවෙකු අහන්නෙ නෑ
එයද ආදරය වාගේ … //
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: පුණ්‍යසිරි මහවත්ත
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment