අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා…
මගෙන් ඈ සමුගන්න
සැඳෑ තරු නොදිළෙන්න
සරා සඳ නොනගින්න
වෙළී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොළ මිදී…
මිදී නැවතී ඉන්න
එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා…
මගෙන් ඈ සමුගන්න
ලිය මඬුලු තුරු සිරස
එපා මල් පළදින්න…
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබාදම් නෑසියනි සැලී…
සැලී කම්පා වන්න..
එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා…
මගෙන් ඈ සමුගන්න
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: කුමාරදාස සපුතන්ත්රී
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment